Trending Newsඑසැන පුවත්දේශීය

වව්නියාවේ කුඹුරක එරුණ ඇතින්න ගොඩගන්න අමාරුයි. ඇතින්නට එම ස්ථානයේදීම ප්‍රතිකාර

වව්නියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරක මඩේ ඒරුණු ඇතින්න ගොඩට ගැනීම සඳහා බැකෝ යන්ත්‍ර ආධාරයෙන් ඔසවා තැබුවද ඇතින්න වයසින් වැඩීවම සහ දුර්වල වීම හේතුවෙන් ඇවිදීමට නොහැකි බවට වව්නියාව වනජීවි නිලධාරී කාර්යාලයේ නිලධාරීන් සඳහන් කරයි. ඊයේ (30) දිනය පුරා උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය බී.ගිරිධරන් මහතා ඇතුලු වනජීවි නිලධාරීන් විසින් පළමුව ඇතින්නට අවශ්‍ය ප්‍රතිකාර කර, නැගිටවීමට උත්සාහ කළද, එය අසාර්ථක වීම හේතුවෙන් ඊයේ (30) රාත්‍රියේ බැකෝ යන්ත්‍රයක් අදාළ ස්ථානයට රැගෙන ගොස් පැය කිහිපයක දැඩි ප්‍රයත්නයක් දරා ඇතින්න ඔසවා තැබුවද ඒයද අසාර්ථක වී ඇත.

අවුරුදු 50 කට වඩා වයසින් යුතු මෙම ඇතින්න දෙවරක් පමණ ගැබ්බර වී ඇති බවටත් වයසින් වැඩි ඉතා දුර්වල තත්ත්වයේ සිටියදී අධික වර්ෂාව හමුවේ කුඹුර මතින් යාමේදී මඩේ එරීම නිසා ඇතින්න දැඩි සෙයින් දුර්වල වී සිටින බවට උතුරු පළාත් වනජීවි පශුවෛද්‍ය කාර්යාලය පැවසීය.

බැකෝ යන්ත්‍රයෙන් ඔසවා තැබුවද ඇවිදීමට වාරු නොමැතිවීම හෙුතුවෙන් ඇතින්න එම ස්ථානයේම සිටියදී, ප්‍රතිකාර කටයුතු සිදුකරන බවටද වව්නියාව වනජීවි කාර්යාලය සඳහන් කළේය.

Related posts

India no longer World’s fastest-Growing Large economy, IMF Says

Mohamed Dilsad

Lotus Road closed Temporarily

Mohamed Dilsad

சிறைச்சாலை வரலாற்றில் அதிகளவிலான சிறைக்கைதிகள் வெசாக் தினத்தை முன்னிட்டு இன்று(18) விடுவிக்கப்பட்டனர்

Mohamed Dilsad

Leave a Comment