Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

අපේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයෑම ගැන වත්මන් ආණ්ඩුවට සුබ පතනවා – හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ

වත්මන් ආණ්ඩුව ජාත්‍යන්තර මුල්‍ය වැඩ අරමුදලේ වැඩපිළිවෙල සමග ඉදිරියට යෑම ගැන ජනාධිපති අනුර දිසානායක මහතාට සුබ පතන බව හිතපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අමාරි හෝටල් ජාලයේ කොල්ලුපිටියේ පිහිටි නවතම ශාඛාව විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කීවේය. රටේ ආර්ථිකය කඩා වැටුණු අවස්ථාවේදී ආර්ථිකය ගොඩගන්න ඉස්සෙල්ලාම තිබුණේ මේ රටේ තියන ධාරිතාව සම්පූර්ණයෙන්ම යළිත් ක්‍රියාත්මක කරන්න. 2023-2024 අපි ඒ කාර්යය කළා. වර්ථමාන ජනාධිපති අනුර දිසානායක මැතිතුමා මුදල් ඇමති හැටියටත් ආණ්ඩුවත්  අයිඑම්එෆ් සංවිධානය සමග එකඟ වූ රාමුව ඉදිරියට ගෙන යාම ගැන මගෙත් සතුට ප්‍රකාශ කරනවා. මොකද අපිට ඒකෙන් පිට යන්න බැහැ. එතැනදි අපේ පවතින ධාරිතාව සම්පූර්ණ වුණාට පස්සේ අපිට අලුත් මාර්ග සොයන්න වෙනවා යැයි ද කීවේය.

Related posts

Philippine Government extends humanitarian assistance to Sri Lanka

Mohamed Dilsad

ඉතාලියෙන් පැමිණි වැඩි පිරිසක් පුත්තලම් දිස්ත්‍රික්කයේ

Mohamed Dilsad

කොරෝනා වෛරසය මෙරටට පැමිණීම වැළක්වීමට සියලු කටයුතු යොදා අවසන්

Mohamed Dilsad

Leave a Comment