ප්‍රමුඛ පුවත 1

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)   –  රත්‍රං ජාවාරම්කරුවෙකු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගැනේ.ඔහු ශ්‍රී ලාංකිකයෙකු  බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මුම්බායි ගුවන් තොටුපළේ දී මෙම ශ්‍රී  ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

සිය සිරුර අභ්‍යන්තරයේ සගවාගෙන තිබු රත්‍රං කැබලි 12ක් මෙහිදී සොයාගෙන ඇත.එහි බර ග්‍රෑම් 505කි.

එම රත්‍රන් වල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් වන බව වාර්තාවේ.

සැකකරු 55 හැවිරිදි ශ්‍රී  ලාංකිකයෙකු වන අතර ඔහු කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා කාලයක සිට  මේ නිරත වී ඇති බවට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

Related posts

කතානායකවරයාගෙන් නිවේදනයක්

Mohamed Dilsad

නාමල් රාජපක්ෂ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට…

Mohamed Dilsad

කැබිනට් රැස්වීම පාර්ලිමේන්තුවේදී

Mohamed Dilsad

Leave a Comment