ප්‍රමුඛ පුවත 1

රත්‍රන් ජාවාරමේ නිරතවූ ශ්‍රී ලාංකිකයෙකු ඉන්දියාවේදී අත්අඩංගුවට

(උදයම්,ඉන්දියාව)   –  රත්‍රං ජාවාරම්කරුවෙකු ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගැනේ.ඔහු ශ්‍රී ලාංකිකයෙකු  බව ඉන්දීය වාර්තා සඳහන් කරයි.

මුම්බායි ගුවන් තොටුපළේ දී මෙම ශ්‍රී  ලාංකිකයා අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි.

සිය සිරුර අභ්‍යන්තරයේ සගවාගෙන තිබු රත්‍රං කැබලි 12ක් මෙහිදී සොයාගෙන ඇත.එහි බර ග්‍රෑම් 505කි.

එම රත්‍රන් වල වටිනාකම ඉන්දියානු රුපියල් ලක්ෂ 15ක් වන බව වාර්තාවේ.

සැකකරු 55 හැවිරිදි ශ්‍රී  ලාංකිකයෙකු වන අතර ඔහු කොළඹ සිට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇති බව අනාවරණය වී තිබේ.

මෙම පුද්ගලයා කාලයක සිට  මේ නිරත වී ඇති බවට අනාවරණය වී ඇති බව ඉන්දීය මාධ්‍ය පෙන්වා දෙයි.

Related posts

මාධ්‍යට සැබෑ නිදහස ලබාදෙනවා – බන්දුල [VIDEO]

Mohamed Dilsad

දෙනුවර මැණිකේ මංගල ගමනේ

Mohamed Dilsad

අනියම් පෙම දුම්රියට පැන අවසන් කරයි

Mohamed Dilsad

Leave a Comment