Trending Newsඑසැන පුවත්දේශීය

යෞවන යෞවනියන් අතර, එච්අයිවී අවධානම ඉහළ ට.

එච්.අයි.වී.වෛරසය ආසාදනය වී ඇති නව යොවුන් වියේ පසුවන සංඛ්‍යාව ඉහළගොස් ඇතිබව ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂ ප්‍රජා වෛද්‍ය විශේෂඥ වින්ද්‍යා කුමාරපේලි මහත්මිය ප්‍රකාශ කළාය.

2023 වාර්තා වූ එච්.අයි.වී.ආසාදිතයින් අතරින් සියයට 15% ක් අවුරුදු 15ත්24 අතර වයස් වල පසුවන පුද්ගලයන් බව පැවසීය. එම වයස් කණ්ඩයේ දරුවන් පිළිබඳ වැඩි අවධානයක් යොමුකළ යුතුය. පසුගිය වසරේ එච්.අයි.වී.ආසාදනය වූ 694 දෙනෙකු හමු වූ බව එහිදී පැවසුවාය.

මෙම වෛරස මගින් මිනිස් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල කරයි. ප්‍රතිශක්තිකරණය අඩු පුද්ගලයෙකුට ඒඩ්ස් තත්ත්වය ඇතිවෙයි. නව තාක්ෂණය ඔස්සේ සහකරුවන් සොයා ගැනීම සහ නිසි ලිංගික අධ්‍යාපනයක් නොමැති කම හේතුවෙන් නව යොවුන් වියේ පසුවන පුද්ගලයන්ට ඒඩ්ස් වැලදීම ඉහළගොස් ඇතිබව ඇය කීවාය.

ලිංගික අධ්‍යාපනය පිළිබඳ පාසල් දරුවන් දැනුවත් කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය හා එක්ව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතිබව වැඩිදුරටත් පැවසුවාය.

Related posts

அரச பாடசாலைகளில் பிற நாட்டு மொழிகளை கற்பிக்க அமைச்சரவை அனுமதி

Mohamed Dilsad

අද කාලගුණය

Mohamed Dilsad

“Government with mandate cannot be toppled by Trade Unions” – Premier

Mohamed Dilsad

Leave a Comment