Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළියේ දිය ඇල්ලක් නාය යයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායගොස් තිබේ. නුවරඑළිය නගරයේ බටහිර මායිමේ සිංගල් ට්‍රී කන්දේ සිට පහළට කඩා හැලෙන මෙම සුන්දර දියඇල්ල කාලයක පටන් විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් දැඩි බලපෑමට ලක්ව ඇත.

දියඇල්ල ඉහළ ප්‍රදේශයේ සිදු කරනු ලබන එවැනි ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම නායයෑම සිදුවන්නට ඇතැයි ඔවුහු පවසති. ඉකුත් 2023 වසරේ නොවැම්බර් මාසයේදීම මෙම දියඇල්ලේ ඉහළ ප්‍රදේශය නායයෑමකට ලක් වු බවත්, මෙවර දියඇල්ලේ පහළ ප්‍රදේශය නායයෑමට ලක්ව ඇති බව ප්‍රදේශවාසීන් සඳහන් කරති.

අඩි 33 ක් පමණ උස ග්ලේන්ෆෝල් දියඇල්ල අතීතයේදී විශාල ජල කඳක් පහළට හෙලමින් ඉතාමත් සුන්දර ලෙස කඩා හැලෙමින් පැවැති බවත්, එහෙත් අතීතයේ පටන් සිදු කරන ලද විවිධ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මේ වනවිට දියඇල්ල වැසි රහිත දිනවල සම්පුර්ණයෙන්ම සිදී යන බවද නුවරඑළිය නගර වැසියෝ වැඩිදුරටත් පවසති.‍

Related posts

நியூஸிலாந்தை வீழ்த்தி வெற்றியை ருசித்த பாகிஸ்தான்

Mohamed Dilsad

එක් ශ්වසන යන්ත්‍රයකින් රෝගීන් තිදෙනකුට එකවර කෘතිම ශ්වසනය

Mohamed Dilsad

A special traffic plan around Battaramulla tomorrow

Mohamed Dilsad

Leave a Comment