Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරික

මහ බැංකුව බිලියන 330ක ණයක් ඉල්ලයි.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (27) දිනයේ රුපියල් බිලියන 205ක් වටිනා භාණ්ඩාගාර බිල්පත් නිකුත් කිරීමේ වෙන්දේසියක් පවත්වයි.

එමෙන්ම හෙට (28) දිනයේදී ශ්‍රී ලංකා මහ බැංකුව රුපියල් බිලියන 125 පහක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් සිදු කරයි.

මේ සඳහා ප්‍රාථමික අලෙවිකරුවන්ගෙන් ලංසු කැඳවනු ලැබේ. ලංසු ඉදිරිපත් කළ යුත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සපයනු ලැබ ඇති විද්‍යුත් ලංසු ඉදිරිපත් කිරීමේ පහසුකම මගින් පමණකි. පොළීය ගෙවූ අවසාන දිනයේ සිට පියවීම කරනු ලබන දිනට උපචිත පොලිය රහිත මිල පදනම් කර බැඳුම්කර සඳහා ලංසු කැඳවනු ලැබේ.

ලංසුවක් සඳහා වන අවම මුදලට අනුගත වෙමින් අපේක්ෂිත ආයෝජකයන්ට (මහජනතාව හෝ වෙනත් ඕනෑම ආයෝජකයෙකුට) ප්‍රාථමික අලෙවිකරුවන් හරහා ලංසු ඉදිරිපත් කළ හැකිය. වෙළෙඳපොළ තත්ත්වයන් මත, මෙම වෙන්දේසියට ඉදිරිපත් කරන ලද සම්පූර්ණ ප්‍රමාණය ඉක්මවා නොයන පරිදි, එක් එක් පරිණත කාලයන්ට අදාළව ඉදිරිපත් කරන ලද ප්‍රමාණයන්ට වඩා අඩු හෝ වැඩි ප්‍රමාණයන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිළිගනු ලැබිය හැකිය.

අපේක්ෂිත ආයෝජකයන්ට ප්‍රාථමික අලෙවිකරුවන් හෝ අනෙකුත් බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හරහා ද්වීතියීක වෙළෙඳ පොළෙන්ද භාණ්ඩාගාර බිල්පත් මිලදී ගත හැකිය.

Related posts

Several areas to expect showers today – Met. Department

Mohamed Dilsad

Navy recovers 9.2 kg of Kerala Cannabis: Suspect apprehended

Mohamed Dilsad

Premier offers prayers at Tirumala Temple

Mohamed Dilsad

Leave a Comment