Trending Newsඑසැන පුවත්දේශීය

කාලගුණයෙන් රතු නිවේදන: ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට අනතුරු ඇඟවීම්

දිවයින වටා ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්‍රදේශ සහ ගොඩබිම සඳහා කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් රතු නිවේදනයක් නිකුත් කර තිබේ. අද (25) පස්වරු 04:00ට නිකුත් කරන ලද එම නිවේදයන හෙට (26) පස්වරු 04:00 දක්වා පැය 24 කාලයක් වලංගුවන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.  නිරිත දිග බෙංගාල බොක්ක මුහුද ආශ්‍රිතව පැවති අඩුපීඩන කලාපය අද (25) උදෑසන මධ්‍යම නිරිත දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇත. එම පද්ධතිය අද පෙ.ව 1130 පමණ වනවිට ත්‍රිකුණාමලය කී.මී. 530ක් පමණ එපිටින් ගිණිකොන දෙසින් පිහිටා තිබේ.

එය ඉදිරි පැය 24 තුළදී වයඹ දෙසට ගමන් කර ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් දිවයිනේ නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. එම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ උතුරු පළාතේ සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී.150ට වැඩි ඉතා තද වැසි ඇතිවිය හැකියි.  උතුරු-මැද, මධ්‍යම සහ ඌව පළාත්වලත් මඩකළපුව, අම්පාර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී.100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.

මේ අතර දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයැමේ අනතුරු ඇගවිමේ නිවේදනය නිකුත් කර තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, ඇල්ල, පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම, නාගොඩ, කෑගල්ල දිස්ත්‍රික්කයේ බුලත්කොහුපිටිය, කෑගල්ල, යටියන්තොට, මාතර දිස්ත්‍රික්කයේ පිටබැද්දර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පෙ, ඕපනායක, බලන්ගොඩ, රත්නපුර, පැල්මඩුල්ල, කහවත්ත යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා විමසිලිමත් බවින් සිටින ලෙස සඳහන් වන පළවෙනි මට්ටමේ අනතුරු ඇඟවීමේ නිවේදනයත් නිකුත් කර තිබේ.

Related posts

අම්බලන්ගොඩ අපරාධ මැඩලීමට අලුත් වැඩක්

Mohamed Dilsad

“I am personally against the death penalty” – says Mahinda Rajapakse

Mohamed Dilsad

Nepal President Bhandari to visit Sri Lanka on Friday

Mohamed Dilsad

Leave a Comment