Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු සම්ප්‍රදාය උල්ලංඝනය කළ නවක මන්ත්‍රී සමාව ඉල්ලයි.

දසවෙනි පාර්ලිමේන්තුවේ මංගල සභාවාරයේදී විපක්ෂ නායක අසුනේ වාඩි වූ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් එම සිදුවීම සම්බන්ධව සමාව අයැද තිබේ.

ඒ සිදුවීම පිළිබඳව සමාව අයැදිමින් එම මන්ත්‍රීවරයා ප්‍රකාශයක් කර ඇත. ‘මම ඇහුවා මම කොතනද වාඩි වෙන්න ඕන කියලා. එතකොට කිව්වා අනිත් පැත්තට ගිහින් වාඩි වෙන්න කිසි අවුලක් නෑ ඩොක්ටර් ඕන තැනක වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට අපි ඉස්සරහට ගිහින් වාඩි වුණා. අපි කැම්පස් ගිහින් පුරුදුයි.. අපි අත උස්සලා පාර්ලිමේන්තුවට ආවේ නෑ. මම හිතුවා මට ඕන තැනක ගිහින් වාඩි වෙන්න පුළුවන් කියලා. එතකොට මට හතරදෙනෙක් ඇවිල්ලා කතා කළා. මට ඇවිල්ලා කිව්වේ මේක විපක්ෂනායකවරයා හැමදාම වාඩිවෙන පුටුව කියලා. එතකොට මම හිතුවා අනිත් පුටුවක වාඩි වෙන්න පුළුවන් කියලා. මට කිසි හේතුවක් නෑ  8 වැනි පුටුවේ ගිහින් වාඩි වෙන්න.  මට මාර දුකයි මම කොටියා කියලා හැම මීඩියාවලටම දාලා තියෙනවා කොටියෙක් ඇවිල්ලා වාඩි වෙලා ඉන්නවා විපක්ෂ නායකගේ පුටුවේ කියලා. මෙහෙම අපි හිතාමතාම ගිහින් වාඩිවෙලා නෑ.මට ගෘෘප් එකක් නෑ මම ස්වාධීනව ආවා එතකොට මම දන්නේ නෑ කොතනද වාඩිවෙන්නේ, කොහොමද යන්නේ කියලා. යැයි පවසා ඇත.

Related posts

பிரதமரின் உலக சிறுவர் மற்றும் முதியோர் தின வாழ்த்துச்செய்தி

Mohamed Dilsad

Constitutional Assembly to hold talks with MPs

Mohamed Dilsad

Fifty-four University students suspended over ragging

Mohamed Dilsad

Leave a Comment