Trending Newsඑසැන පුවත්දේශීය

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාසට ලැබෙයිද…? පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණාගෙන් ප්‍රකාශයක්

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සජිත් ප්‍රේමදාස මහතා ට ලබාදීමට සූදානම් නම් සමගි ජන බලවේගය නැවතත් සිරිකොතට ඒමට සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පවසයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් රාජකරුණා මහතා පැවසුවේ සියලුම දක්ෂිණාංශික බලවේග සඳහා සමගි ජන බලවේගය සමග එක්වන ලෙස ආරාධනා කරන බවයි.

“රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු අපි විශ්වාස කරනවා මේ දක්ෂිණාන්ත දේශපාලනය කරන කණ්ඩායම් අපි ඔක්කොම එකතු වෙන්න ඕනේ. අපි ඉල්ලීමක් කරනවා රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු යුඑන්පි යේ සියලුදෙනාමත් මේ සජබය සමග එකතු වෙලා මේ බෙදීම නැතිකරලා අපි ඉදිරියේදී එකම වැඩසටහනකට ඉදිරිපත් වෙන්න අපි කටයුතු කළ යුතුයි කියලා. සජබය, යුඑන්පි කණ්ඩායම් එකතු කරගෙන ඉදිරියේදී ගමනක් යා යුතුයි කියන මතයේ අපි ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ලංකාවේ නැහැ. එතුමා ආවහම අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා යැයි ද කීවේය.

Related posts

பாகிஸ்தான் பிரஜைகள் ஏழு பேருக்கு ஆயுள்தண்டனை

Mohamed Dilsad

ඡන්ද මධ්‍යස්ථානවල කලබල කළොත් වෙඩි තියන්න පොලීසියට බලය

Editor O

මැතිවරණ දිනයට අභියෝග කළ පෙත්සම් සළකා බැලීම තෙවන දිනටත්

Mohamed Dilsad

Leave a Comment