Trending Newsඑසැන පුවත්දේශීය

කතරගම එන බැතිමතුන්ට විශේෂ දැනුම්දීමක්

මේ දිනවල අයහපත් කාලගුණයක් පවතින බැවින්, කතරගම මැණික් ගඟේ ජලය බොර පැහැ ගැන්වී ඇති බැවින් මැණික් ගඟට බැසිමෙන් වළකින ලෙස රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා බැතිමතුන්ගෙන් හා කතරගම ජනතාවගෙන් ඉල්ලා සිටියි.

මේ වන විට මහා වැසි පතිතවිම නිසා, මැණික් ගඟේ ජල මට්ටම දෛනිකව වැඩි වෙමින් පවතින බවත්, කිඔුලන් ද ගොඩබිම් ආශ්‍රිත ව සැරිසරන බැවින් මැණික් ගඟ භාවිතා කිරීම අනතුරදායක බව බස්නායක නිළමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි.

මේ වන විට පවතින පාසල් නිවාඩුව මුල් කොටගෙන බැතිමතුන් විශාල ලෙස කතරගම පුරවරය වෙත පැමිණිම සිදුවේ. බොහෝ දෙනකු මැණික් ගඟ නැරඹීමට ප්‍රිය කරන අතර මේ වන විට ගඟට බැසීමට ඇති පියගැට පෙළවල් සියල්ල ජලයෙන් වැසි පැවතීම අනතුර දායක බව බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා සඳහන් කරයි. එබැවින් සියලු බැතිමතුන් අවධානයෙන් සහ සැලකිල්ලෙන් කටයුතු කරන ලෙස ද ඉල්ලීමක් කරයි.

Related posts

UPDATE: களுத்துறை படகு விபத்து – பலி எண்ணிக்கை மேலும் அதிகரிப்பு

Mohamed Dilsad

Sri Lanka’s pressing problems could escalate into security threats- Doha Institute

Mohamed Dilsad

ICC investigating corruption in Sri Lankan cricket

Mohamed Dilsad

Leave a Comment