Trending Newsඑසැන පුවත්දේශීය

රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග හිටපු අමාත්‍යවරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි.

හිටපු අමාත්‍යවරු වන රමේෂ් පතිරණ, රොෂාන් රණසිංහ, ප්‍රසන්න රණතුංග අද (21) පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබේ. ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමට අදාළව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා යොමුකළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයෙන් ප්‍රකාශ ලබාගැනීම සඳහා එම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීම සඳහා හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දීම සම්බන්ධයනේ එවකට කැබිනට් මණ්ඩලය නියෝජනය කළ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ අමාත්‍යවරුන් 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ලබාගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් 11 වනදා මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.

හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හෙට (22) දිනයේ CIDය හමුවේ පෙනී සිටින බවට දැනුම්දී තිබේ.

Related posts

மாலியில் ஏற்பட்ட வெள்ளத்தில் சிக்கி 15 பேர் உயிரிழப்பு

Mohamed Dilsad

England complete 211-run win to end losing away run

Mohamed Dilsad

Japanese technical support for Sri Lanka to manage natural disasters

Mohamed Dilsad

Leave a Comment