Trending Newsඑසැන පුවත්දේශීය

ගෑස් ටැංකියේ අර්බුද අස්සේ රවීගේ නම මැතිවරණ කොමිෂමෙන් ගැසට් කරයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා ලෙස රවී කරුණානායක මහතාගේ නම, මැතිවරණ කොමිෂන් සභාව විසින්. ගැසට් කර තිබෙනවා. කෙසේ වෙතත් මේ වනවිට ඔහුගේ නම යෝජනා කර තිබෙන්නේ පක්ෂයේ සාමූහික තීරණයකින් නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා (18) දින ප්‍රකාශ කර තිබිණ.

එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා කියා සිටියේ, පක්ෂයේ මහලේකම්වරිය රවී කරුණානායක මහතාගේ නම මැතිවරණ කොමිසම වෙත යෝජනා කිරීම සම්බන්ධව අවසන් තීරණය අද (19) ගන්නා බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු අමාත්‍යවරයා ලෙස නාමල් රාජපක්ෂ සහ,  ඉලංකෙයි තමිල් අරසු කච්චිහි පී. සත්‍යලිංගම් මහත්වරුන්ගේ නම්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් නිල වශයෙන් ගැසට් නිවේදනයකින් ප්‍රකාශයට පත් කර තිබේ.

Related posts

කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක්

Mohamed Dilsad

தங்கம் கடத்திய விமானப் படை வீரர்: விசாரணை தொடர்கிறது

Mohamed Dilsad

Anuradhapura District – Postal Votes

Mohamed Dilsad

Leave a Comment