Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ජනාධිපති රනිල්, අගමැති දිනේෂ් ඇතුළු 18 දෙනෙකුගෙන් ප්‍රකාශ ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව නීතිපති අධිකරණයට කියයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු එවක කැබිනට් මණ්ඩලයේ අමාත්‍යවරුන් දහ අට දෙනෙකුගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දීර්ඝ ලෙස ප්‍රකාශ සටහන් කරගන්නා බව අධිකරණයට නීතිපතිවරයා විසින් දැනුම දී තිබේ.

එවකට සිටි කැබිනට් මණ්ඩලය විසින් හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වල මහතා ඉදිරිපත් කරන ලද ඖෂධ ආනයනය කිරීමේ කැබිනට් පත්‍රිකාවකට අනුමැතිය දීමට අදාළ විමර්ශන සඳහා එම ප්‍රකාශ ලබා ගන්නා බවද සඳහන්. ප්‍රමිතියෙන් තොර මානව ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිදුවීමට අදාළව සිදුකරමින් සිටින පරීක්ෂණවලට අදාළව මෙම ප‍්‍රකාශ සටහන් කර ගැනීම සිදුකරයි.

එවකට සෞඛ්‍ය ඇමති කෙහිලිය රඹුක්කල් විසින් කැබිනට් මණ්ඩලය වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඊට අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් සිදු කරන බවද නීතිපතිවරයා අධිකරණයේදී තවදුරටත් සඳහන් කර ඇත.

Related posts

Ranil – Sajith meeting adjourn on a positive note

Mohamed Dilsad

Minister Rauff Hakeem responds to controversial video with Zahran – [VIDEO]

Mohamed Dilsad

Mangala complains against TV channel for distorting Fowzie’s statement

Mohamed Dilsad

Leave a Comment