Trending Newsඑසැන පුවත්දේශීය

පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව පසුගිය වසරේ චැනල් 4 වාර්තා චිත්‍රපටයෙන් එල්ල වූ චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ශිවනේෂතුරෛයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන් අද (12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ. පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ චැනල් ෆෝ නාලිකාවට ඔහුගේ හිටපු ලේකම්වරයෙකු වන අසාද් මවුලානා නැමැත්තා කළ කරුණු දැක්වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීම සඳහා පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබේ.

පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ 06 වනදා විකාශය වූ එම වීඩියෝවෙන් හිටපු රාජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ මේජර් ජනරාල් සුරේෂ් සලේ සහ පාස්කු ප්‍රහාරයේ බෝම්බකරුවන් අතර පැවති බව කියන හමුවක් පිළිබදව මෙන්ම ඊට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ සම්බන්ධතාවක් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කර තිබිණ.

2005 සිට 2015 දක්වා පිල්ලෙයාන් රාජපක්ෂවරුන්ගේ දේශපාලන සතුරන් ඉළක්ක කර අතුරු හමුදා ඝාතන කල්ලියකට සාමාජිකයන් බඳවාගෙන ඇති බවද චැනල් ෆෝ නාලිකාව අනාවරණය කර තිබිණ.

මේ අනුව, මෙම වීඩියෝවේ අඩංගු ආන්දෝලනාත්මක කරුණු සහ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් කුමන්ත්‍රණය ඇතුලු චෝදනා කිහිපයක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර ඊයේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව කියා සිටියා.

Related posts

උපාධි පාඨමාලා: දිස්ත්‍රික්ක ප්‍රතිශත නිකුත් කෙරේ

Mohamed Dilsad

இரு தினங்களுக்கு நீர்வெட்டு அமுல்-தேசிய நீர்வழங்கல் வடிகாலமைப்புச் சபை

Mohamed Dilsad

“I believe in street cricket” – Brian Lara

Mohamed Dilsad

Leave a Comment