Trending Newsඑසැන පුවත්දේශීය

ත්‍රීපෝෂ සමාගම ඈවර කිරීම ගැන ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක රවී කුමුදේශ්ගෙන් ප්‍රකාශයක්

වසන්ත සමරසිංහට ගැසට් එකයි චක්‍රලේඛයයි’ සොයා ගැනීමට නොහැකි තරම් පැටලී ඇති බව එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක රවී කුමුදේශ් මහතා ප්‍රකාශ කරයි.

ත්‍රිපෝෂ සමාගම ඈවර කළ ගැසට්ටුව මෙතෙක් ආපස්සට (රිවර්ස්) ගෙන නොමැති බවත්, ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රවී කුමුදේශ් මහතා මෙසේ ද කීවේය. මුදල් අමාත්‍යාංශයේ නිකුත් කළා කියන සමාජ මාධ්‍යයට මුදාහැරපු ලියුමේ දෙවැනි කොළේ නෑ.. ඡන්දේ ඉවරවෙලා ඒක හොර ලිපියක් කිව්වොත් අපි පුදුම වෙන්නෙත් නෑ.. කොහොම වුණත් වසන්ත සමරසිංහගේ කටින්, බළලා මල්ලෙන් එළියට පනිනවා.. එයා ඇඟට නොදැනෙන්න ටොක්සින් එකක් ගැන කියනවා.. ඔය ටොක්සින් එක ගෙනල්ලා කියලා ත්‍රිපෝෂ සමාගම වහගන්න දඟලපු සමාගමේ විධායක නිලධාරියා දැන් වසන්තලාගේ ආණ්ඩුවේ සභාපති කෙනෙක්.. එයා තව සුපර්මාර්කට් චේන් එකකත් අයිතිකාරයෙක්.. එයාටම තමයි ලක් සතොසත් පවරලා තියෙන්නේ.. ත්‍රිපෝෂ සමාගම ඈවර කරන අනුර දිසානායකගේ පළමු ගැසට්ටුව ගහලා මාසයක් ගියා. අපි ඒක රටට හෙලිදරව් කලාම කලබල වෙලා ලියුමක් ගැහුවා. ඒකටත් වගකිවයුතු නිලධාරියෙක් නෑ.. ගැසට් එකකින් තීරණය කරපු එකක්, ලියුමකින් අහෝසි වෙනවා කියලා කියන්න තරම් රටේ මිනිස්සු මෝඩයෝ කියලා ආණ්ඩුව හිතනවා ඇති.. ත්‍රිපෝෂ සමාගම ඈවර කිරීමේ තීන්දුව තවම හකුළාගෙන නෑ..”

Related posts

ශ්‍රේණිගත කිරීම්වලින් ශ්‍රී ලංකාවේ විදේශ ගමන් බලපත්‍රය පහළ ට

Editor O

சிவனேசத்துரை சந்திரகாந்தனின் விளக்கமறியல் காலம் நீடிப்பு

Mohamed Dilsad

உலகக்கிண்ண கிரிக்கட் தொடரின் முதலாவது போட்டியில் நாணய சுழற்சியில் தென்னாபிரிக்க அணிக்கு வெற்றி

Mohamed Dilsad

Leave a Comment