Trending Newsඑසැන පුවත්දේශීය

සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම සල්ලි අච්චු ගහනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න

සල්ලි අච්චු ගැසීම අනාවරණයෙන් පසු මුදල් පොම්ප කිරීම අඩු කළත්, මහ බැංකුව දිගටම මුදල් මුද්‍රණය කරන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රීනී රෝහිණී කවිරත්න මහත්මිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නීය.

රෝහිණී කවිරත්න මහත්මිය නිකුත් කළ නිවේදනයේ මෙසේ දැක්වේ.

”විවෘත වෙඳෙපොළ ක්‍රමය යටතේ සල්ලි අච්චු ගැසීම අනාවරණය වීමෙන් පසුව, පසුගිය දින කිහිපය තුළ බැංකු පද්ධතියට මුදල් කාන්දු කිරීම සැලකිය යුතු මට්ටමකින් අඩු කර ඇති නමුත්, මහ බැංකුව මුදල් අච්චු ගැසීම අඛණ්ඩව සිදු කරමින් සිටී.

නොවැ. 08 දින රු. බිලියන 10 ක් ද, නොවැ. 07 දින රු. බි. 15 ක් ද, නොවැ. 06 දින රු. බි. 20 ක් ද මහ බැංකුව විසින් පද්ධතියට පොම්ප කර ඇත. මෙය ඔක්. 15 න් පසුව දිනකට පොම්ප කරන ලද අඩුම මුදල් ප්‍රමාණයයි.

ඔක්තෝබර් 29, 30 දිනවල අන්තර් බැංකු හුවමාරුවෙන් පසුව මහ බැංකුව වෙත ලැබුණු ප්‍රමාණය රු. බිලියන 200 ඉක්මවා ගිය අතර, මේ වන විට එය නැවත රු. බිලියන 165 – 180 ප්‍රමාණය රඳවා ගැනීමට පසුගිය සතියේ මහ බැංකුව කටයුතු කර ඇත.

අඩු පොළීයට බැංකු පද්ධතියට මුදල් පොම්ප කිරීම හෙවත් සල්ලි අච්චු ගැසීම අඛණ්ඩව සිදු වන අතර, එය රනිල් වික්‍රමසිංහ රජය යටතේ පැවති රිද්මය හා ප්‍රමාණයට සාපේක්ෂව තවමත් ඉහළ අගයක පවතී.

අඩු පොලියට එක්රැය වෙන්දේසි ක්‍රමය යටතේ නොවැ. 1, 4, 5, 6, 7 සහ 8 දිනවල පිළිවෙලින් රු. බිලියන 50, 20, 35, 20, 15 සහ 10 ලෙස අඩු පොලී අරමුදල් මහ බැංකුව නිදහස් කර ඇත.

අන්තර් බැංකු හුවමාරුවේ මුදල් ගණුදෙනු අවසන් කර, මහ බැංකුවේ ස්ථාවර පහසුකම් තැම්පතු හා ද්‍රවශීලතාව යොදා ගනිමින්, මුදල් අච්චු ගැසීම 2014 ඔක්. 28 දින මා විසින් අනාවරණය කරනු ලැබීය. එම අනාවරණය සිදු කරන දින දක්වා අඛණ්ඩවම රු. බිලියන 160 – 201 සීමාවේ තැම්පතු ප්‍රමාණය පැවතුණි.

කෙසේ වුවද, සල්ලි අච්චු ගැසීම අනාවරණය වීමෙන් පසුව නැවත එය රු. බිලියන 165 – 180 දක්වා ක්‍රමිකව පහතට ගෙන ඒවමට මහ බැංකුව කටයුතු කළේය. ඒ, මහ බැංකුව විසින් වාණිජ බැංකු වෙත අඩු පොළීයට නිකුත් කරන මුදල් ප්‍රමාණය පහත දැමීම හෙවත් මුදල් පොම්ප කිරීම අඩු කිරීම තුළිනි. සරළවම මෙය මුදල් අච්චු ගැසීමකි.

නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව අවස්ථා 5 ක දී, රු. බිලියන 75, 65, 70, 60 සහ 50 බැගින් වන දින 7 කට වලංගු 8.61% සිට 8.65% දක්වා වන පොළී අනුපාත යටතේ වන වාර වෙන්දේසි සිදු කර ඇත.

අවසන් වාර වෙන්දේසිය නොවැ. 12 දින කල් පිරීමට නියමිතය. දින 7 කට වරක් බැගින් අඛණ්ඩව සිදු කරන මෙම ක්‍රියාව තුලින් සිදු වන්නේ ද, අතිරේක මුදල පොම්ප කර තබා ගැනීම හෙවත් මුදල් අච්චු ගැසීමේ මුලික ව්‍යවහාරයයි. පාර්ලිමේන්තු මැතිවරණය හේතුවෙන් පාලනයට ලක්ව ඇති මුදල් පොම්ප කිරීම මැතිවරණයෙන් පසුව නැවත ආරම්භ වීමේ අවධානමක් පවතී.

Related posts

ලබන සඳුදා සිට දුම්රිය ගමන් වාර ඉහළට

Mohamed Dilsad

Sri Lankan maid shot dead in Saudi Arabia, suspect commits suicide

Mohamed Dilsad

VIP Assassination Plot: Nalaka de Silva further remanded

Mohamed Dilsad

Leave a Comment