දේශීයප්‍රමුඛ පුවත 1

කුරුණෑගල රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය වැසේ

( UTV |කුරුණෑගල ) – කුරුණෑගල ශික්‍ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දමා තිබේ.

ඒ ඊයේ(09) හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණි රෝගියෙකුගෙන් කොරෝනා වෛරස ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසාය.

රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඊයේ පස්වරුවේ වසා දැමුණු හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය විෂබීජහරණය කිරීමටද පියවර ගත් බවයි.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මීට පෙර කොරෝනා ආසාදිතයෙකු හමුවූ කටුපොත ප්‍රදේශයට ආසන්න ප්‍රදේශයක් වන සියඹලාගස්කොටුව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඊයේ(09) රෝහලට ඇතුළත් වී ඇත.

Related posts

මෙරට මුහුදු සීමාවල ආරක්ෂාව තර කෙරේ

Mohamed Dilsad

අද විදුලි කපන්නේ මෙහෙමෙයි

Mohamed Dilsad

බොහෝ ප්‍රදේශ වලට අදත් වැසි

Mohamed Dilsad

Leave a Comment