Trending Newsඑසැන පුවත්දේශීය

උසස් පෙළ විභාගය පැවැත්වෙන දින මෙන්න

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

උසස් පෙළ විභාගයේ පාසල් අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාල සටහන අදාළ පාසලේ විදුහල්පති වෙතද, පෞද්ගලික අයදුම්කරුවන්ගේ ප්‍රවේශ පත්‍ර හා කාලසටහන ඔවුන්ගේ පුද්ගලික ලිපිනයටද තැපැල් මගින් යොමුකර ඇතැයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

තැපැල් මගින් මේ වනවිට ප්‍රවේශපත් නොලැබුණු පෞද්ගලික අයදුම්කරුවන්ට නොවැම්බර් 18 දා සිට www.doenets.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වෙතින් එය බාගත කරගත හැකි අතර ප්‍රවේශපත්‍රවල විෂය, මාධ්‍යය සහ නාම සංශෝධන ඇත්නම් සියලුම අයදුම්කරුවන්ට http://onlineexams.gov.lk/eic වෙබ් අඩවිය වෙතින් නොවැම්බර් 18 මධ්‍යම රාත්‍රී 12.00 දක්වා සංශෝධන සිදුකර ගතහැකි බවත් විභාග මධ්‍යස්ථාන මාරු කිරීම සිදු නොකරන බවත් විභාග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

Related posts

வேலைக்கு வராத பெட்ரோல் பங்க் ஊழியரை கட்டி வைத்து சவுக்கால் அடித்த உரிமையாளர்

Mohamed Dilsad

Sri Lanka again named Asia’s most sought travel destination

Mohamed Dilsad

කොළඹ ආශ්‍රිතව කොරෝනා අවදානමක්

Mohamed Dilsad

Leave a Comment