Trending Newsඑසැන පුවත්දේශීය

වෛද්‍ය මොහොමඩ් සාෆිගෙන්, ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ලක්.

ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයට සැලැසුම් සහගතව කුමන්ත්‍රණකාරී ව්‍යාජ ප්‍රකාශයන් සිදු කර තමන් අත්අඩංගුවට ගෙන පීඩාවට පත් කිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙසට ඉල්ලා, වෛද්‍ය මොහොමඩ් සාෆි විසින් අද (07) මහජන ආරක්ෂක අමාත්‍යංශයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. .

තමන් ඊයේ දිනයේදී නිදොස්කොට නිදහස් කළ අතර ඉන් යුක්තිය වෙනුවෙන් පෙනී සිටි සියලු දෙනා නිදහස් වූ බව ද වෛද්‍යවරයා සඳහන් කළේය. මෙවැනි වරදක් මින් මතුවට වෙනත් කිසිදු අයෙකුට සිදු නොකළ යුතු ආකාරයේ යමක් කිරීමට තමන්ට සිදුව ඇති බව ද එහිදී ෂියාබ්දීන් මොහොමඩ් සාෆි මහතා පෙන්වා දෙයි.

තමන්ව අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ආරක්ෂක අංශ නිලධාරින් පැමිණිලි සොයා යමින්, තමන් මෙන්ම බිරිඳ සහ දරුවන්ට ද විශාල පීඩාවක්, ආරක්ෂක අංශ විසින් සිදු කළ බවද හෙතෙම කීවේය. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණයක් කරන ලෙස ඉල්ලමින් ආරක්ෂක අමාත්‍යාංශයට පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

Related posts

ජනාධිපතිවරණයට 40ක් ඇප තියයි.

Editor O

ට්‍රම්ප්ගෙන් වෙන් වූ මස්ක්  සිය අමෙරිකානු පක්ෂය අරඹයි

Editor O

ரயில்வே ஊழியர்கள் இன்று நள்ளிரவு முதல் வேலை நிறுத்தத்தில்

Mohamed Dilsad

Leave a Comment