Trending Newsඑසැන පුවත්දේශීය

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ගැටළු ගැන ආගමන හා විගමන නිලධාරී සංගමයෙන් නිවේදනයක්

විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් ඇති වී තිබෙන ගැටලුකාරී තත්ත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව විවිධ පාර්ශ්වයන් විසින් කරන ප්‍රකාශ සත්‍ය නොවන බව අපට පෙනී යන බැවින් සැබෑ තත්ත්වය පෙන්වාදීම සිය වගකීම වන බව ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

ස්වදේශීකයන් සහ මෙරටට පැමිණෙන විදේශිකයින් යන දෙපිරිසටම නිර්බාධව ශ්‍රී ලංකාවට ඇතුළුවීමටත්, ශ්‍රී ලංකාවෙන් පිටවන ශ්‍රී ලාංකීක පුරවැසියන්ට මෙන්ම විදේශිකයින්ට ද ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑම සඳහා අවැසි රාජකාරි ඉටුකිරීම ප්‍රත්‍යන්ත පාලන රාජිකාරිවලින් කරන බවද එම සංගමය සඳහන් කරයි.

සංඛ්‍යා දත්ත, තොරතුරු සියල්ල දෙපාර්තමේන්තුව සතුව තිබිය දී රජයේ සමස්ත කාර්යභාරයෙන් තුනෙන් එකක ප්‍රමාණයක් ආවරණය කළ යුතු අතිශය භාරදුන් කාර්යභාරයක නියැලී සිටින විෂයභාර අමාත්‍යවරයාට කොතරම් කටුක වුවද විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීම හා සම්බන්ධව පවතින සත්‍ය තත්ත්වය දෙපාර්තමේන්තු බලධාරීන් විසින් අනාවරණය නොකිරීම කනගාටුවට කරුණක් බව ද ශ්‍රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

රී ලංකා ආගමන හා විගමන නිලධාරීන්ගේ සංගමය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ.

Related posts

Kusal Janith Perera cleared of any serious injury [UPDATE]

Mohamed Dilsad

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පස්වැනි ඉන්දීය සාගර සමුළුවට

Mohamed Dilsad

හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක්

Editor O

Leave a Comment