දේශීය

පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක්

(UTV | කොළඹ) – කැළණිතිස්ස බලාගාර සංකීර්ණය ආසන්නයේ ඇති පෞද්ගලික විදුලි බලාගාරයක හදිසි නඩත්තු කටයුත්තක් සඳහා අවසර ඉල්ලා තිබෙනවා.

ඒ සඳහා අවසර ලබාදෙන්නේ නම් අඛණ්ඩ විදුලි සැපයුම පිළිබද තීරණයක් ගැනීමට සිදුවනු ඇති බවයි ලංකා විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෘ නවමනී ප්‍රකාශ කළේ.

අදාළ පෞද්ගලික විදුලි බලාගාරයෙන් මෙරට ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොටි 160ක ප්‍රමාණයක් එක්වනවා.

එබැවින් අද දහවල් විදුලිය කප්පාදු කරන්නේ ද නැද්ද යන්න පිළිබදව තීන්දුවක් ගන්නා බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සදහන් කළේ.

Related posts

කොරෝනා මරණ භූමදාන කළ යුතු ක්‍රමවේදය ඉදිරි සතිය තුළ

Mohamed Dilsad

සියලුම විශ්ව විද්‍යාල හෙට සිට සති දෙකක කාලයක් වසා දැමේ

Mohamed Dilsad

රජයේ සේවකයන්ගේ ජීවන වියදම් දීමනාව රුපියල් 25,000ක් කිරීමට අනුමැතිය

Editor O

Leave a Comment