Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ජනාධිපතිවරයා ගැන රටේ ජනතාවගේ විශ්වාසය බිඳවැටිලා

වත්මන් ජනාධිපති අනුර දිසානායක ජනාධිපති අපේක්ෂකයෙක් ලෙස මැතිවරණ වේදිකාවල පැවසූ දේවල් සහ අනුර දිසානායක ජනාධිපතිවරයා ලෙස කරන දේවල් ජනතාව සංසන්දනය කරන හෙයින් අත්‍යාවශ්‍ය ආහාර මිල අඩු කිරීමට අපොහොසත් වී ඇති බව සමඟි ජන සන්ධානයේ අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔහු මෙම අදහස් පළ කළේ කොළඹ කෝට්⁣ටේ ඔබේසේකරපුර පැවැති ජන හමුවකදීය.

ජනාධිපතිවරයාට විධායක ජනාධිපති බලතල භාවිත කර අවම මිලක් නියම කළ හැකි වුවත් ඔහු එසේ නොකරන බවත් තෙල් මිල, විදුලි බිල, බදු අඩු කරන බව පැවසුවද ඉන් එකක්වත් සිදු නොවු බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. තෙල් මිල සූත්‍රය වැරදියි කියා එයට විරුද්ධව කතා කළ අනුර දිසානායක මහතා අද තෙල් මිල සූත්‍රයේ වහලකු වී ඇති බවත් කීවේය.

විදේශ ගමන්බලපත්‍ර පෝලිමට විසඳුම් දෙන බව පැවසුවද ගමන් බලපත්‍ර පෝලිම එන්න එන්න වැඩිවූ බවත් ඔවුන් දිනෙන් දින රටේ ජනතාව රැවටු බවත් මාස 6න් 6ට රාජ්‍ය සේවක වැටුප් වැඩි කරනවා කිව්වත් එයද නොවන බවත් මේ දෙබිඩි දේශපාලනය නිසා රටම අනාථ වී ඇති බවත් සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි. මේ වන විට ජාතික ජන බලවේගය ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන තත්ත්වයට පත්ව ඇති නමුත් සමඟි ජන බලවේගය එසේ නොවන අතර බලයට පත්වු විගසම මේ ගිවිසුම වෙනස් කරන බව ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

Related posts

Bangladesh capital hit by mass protests

Mohamed Dilsad

විගණකාධිපති ධුරයට ජනවාරියේ ජනපතිගේ හෙංචයියෙක්…! – උදය ගම්මන්පිල

Editor O

මහනුවර රජයේ වෛද්‍යවරු අද වැඩ වර්ජනයක

Mohamed Dilsad

Leave a Comment