Trending Newsඑසැන පුවත්දේශීය

ගාලු මුවදොර ක්‍රීඩාංගණය ගැන ආණ්ඩුවෙන් තීරණයක්

උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දී තිබේ. ඒ අනුව ගාලු මුවදොර පරිපාලනය වඩාත් ක්‍රමවත් හා විනිවිදභාවයෙන් යුතුව සිදු කිරීම පිණිස අවශ්‍ය පියවර ගන්නා බව, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක විජිත හේරත් මහතා සඳහන් කරයි.

ගාලුමුවදොර පිටිය ආගමික කටයුතු හැර වෙනත් කටයුතු සඳහා භාවිත කිරීම පිණිස අවසර ලබා නොදීමට 2023.04.17 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී තීරණයක් ගෙන තිබිණ. එම පිටිය පරිපාලනය හා නඩත්තුව සඳහා මාසිකව ආසන්න වශයෙන් රුපියල් මිලියන 2.5 – 3.0ක පමණ පිරිවැයක් දැරීමට වන බවද සඳහන්.

එම පිරිවැය ආවරණය කර ගැනීමට සහ 2023 වසරට පෙර පැවති ආකාරයෙන් දෙස් විදෙස් සංචාරකයින්ට නිදහසේ ගැවසිය හැකි වඩාත් ආකර්ෂණීය හා ආරක්ෂිත ස්ථානයක් වශයෙන් මෙන්ම ජනතාවට නිදහසේ සහභාගිවීමට අවකාශ සලසන උත්සව, සංගීත ප්‍රසංග හා වෙනත් සැමරුම් සඳහා සුදුසු නිර්ණායකයන්ට යටත්ව ගාලු මුවදොර පිටිය භාවිත කිරීමට අවස්ථාව සලසා දීම යෝග්‍ය බව පෙනී ගොස් ඇති බව විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය.

Related posts

Five caught in Bangladesh over biggest drug haul in Sri Lanka

Mohamed Dilsad

பாரம்பரிய கைவினைக் கண்காட்சி

Mohamed Dilsad

Thousands of Rohingya ‘killed in a month’

Mohamed Dilsad

Leave a Comment