Trending Newsඑසැන පුවත්දේශීය

තායි ජාතික කාන්තාවක් ගුවනින් ගෙනා, රුපියල් කෝටි 10ක් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය තොගයක් කටුනායකදි අල්ලයි.

සිංගප්පූරුවේ සිට ගුවන් මගින් පැමිණි විදේශිය කාන්තාවක් සතුව තිබී රුපියල් කෝටි 10 ක  වටිනාකමක් සහිත  අයිස් මත්ද්‍රව්‍ය හෙවත් මෙතැම්පටමයින් තොගයක් ඊයේ (04) කටුනායක දී සොයා ගෙන තිබෙයි.

කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ පිටතට යෑමට තැත් කරමින් සිටියදී  දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අදාළ කාන්තාවඅ අත් අඩංගුවට ගෙන තිබේ . අත්අඩංගුවට පත් කාන්තාව අවුරුදු 33 වන තායිලන්ත ජාතික කාන්තාවකි .

ඇය තායිලන්තයේ සිට මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර වෙත ගොස් එතැන් සිට සිංගප්පූරුවේ චෙන්ඩු ගුවන් තොටුපොළේ සිට ඊයේ (04)  රාත්‍රී 11.55 ට සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව්.- 468 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි . ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මලු තුළ , ආහාර අඩංගු ඇසුරුම් කීපයක් තුළ මෙම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 05 ක ප්‍රමාණය අසුරා , සගවා ගෙන තිබුණි .

මෙසේ අත් අඩංගුවට ගත් ගුවන් මගී කාන්තාව , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ .

Related posts

දූෂණය, වංචාව පිටු දකින, සෞභාග්‍යමත් රටක් වෙනුවෙන් 21 වෙනිදා සමගි ජන බලවේගයට බලය දෙන්න – ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස

Editor O

Trump threatens further USD 100 billion in tariffs against China

Mohamed Dilsad

රට විනාස කරන පුද්ගලයන් සමග එකතු වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

Editor O

Leave a Comment