Trending Newsඑසැන පුවත්දේශීය

රට විනාස කරන පුද්ගලයන් සමග එකතු වෙන්නේ නැහැ – සජිත් ප්‍රේමදාස

කිසිදු අවස්ථාවක රට විනාශ කරන පුද්ගලයින් සමඟ එක් නොවන බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ගාල්ල, සමනල ක්‍රීඩාංගණයේ ඊයේ (04) පැවති සමගි ජන සන්ධානයේ ප්‍රචාරක රැලියක් අමතමින් සජිත් ප්‍රේමදාස මහතා මෙම අදහස් පළ කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද කීවේය. රට ගොඩනැගීම සඳහා හොඳම වැඩපිළිවෙල සමගි ජන බලවේගය සතුව තියෙනවා. එම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවිම සඳහා කැපවී සිටිනවා. ජනතා විමුක්ති පෙරමුණයි, ජනාධිපතිවරයයි එකට එකතුවෙලා, අපේ ජයග්‍රහණය තහවුරු වී තිබෙන මොහොතක, බොරුවට කට කතා හදලා, මුහුණුපොතේ සහ විවිධ වෙබ් අඩවිවලට මුදල් ගෙවලා ප්‍රවෘත්ති දානවා අපි එකතුවෙනවා කියලා. මම ඔබට කියන්න කැමතියි, 21 වෙනිදාට සමගි ජන බලවේගය ජයග්‍රහණය කරලා, අපි එකතුවෙන්නේ මේ රටේ ලක්ෂ 220ක් පොදුජනතාව එක්කයි. අපි මේ ජරාජීරණ වුණු අන්ත දූෂිත දේශපාලන හවුල්වලට යන්නේ නෑ. ජනාධිපතිටයි මාලිමාවේ නායකයාටයි ලොකු ආසාවක් තියෙනවා එකතුවෙන්න. ඒ දෙන්නට ඕනේ නම් එකතුවෙන්න පුළුවන්. සමගි ජන සන්ධානය මොනම හේතුවකටවත් රට විනාශ කරන කල්ලි එක්ක එකතුවෙන්නේ නෑ.”

Related posts

16-Year-old dies from too much caffeine

Mohamed Dilsad

Top Police Committee to probe Dubai deportees

Mohamed Dilsad

பாராளுமன்றம் கலைக்கப்பட்டமைக்கு எதிராக உயர் நீதிமன்றில் 10 மனுக்கள்

Mohamed Dilsad

Leave a Comment