Trending Newsඑසැන පුවත්ක්‍රීඩාදේශීය

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම සුදුසුකම් ලබයි.

හොංකොන් සික්සස් තරඟාවලියේ අවසන් මහා තරඟයට, ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සුදුසුකම් ලබා ගත්තේය. එම තරඟාවලියේ දෙවැනි අවසන් පූර්ව තරඟයෙන් බංග්ලාදේශය පරදා කඩුලු 3 ක ජයක් ශ්‍රී ලංකාව ලබා ගත්තේය.

ඒ අනුව තරඟාවලියේ අවසන් මහා තරඟය ශ්‍රී ලංකාව හා පාකිස්තානය අතර අද පස්වරු 2:15 ට පැවැත්වීමට නියමිතයි. පළමු අවසන් පූර්ව තරගයෙන් ඔස්ට්‍රේලියාව පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කරමින්, පාකිස්තානය අවසන් තරගයට සුදුසුකම් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා – බංග්ලාදේශ තරඟයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 6 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 103 ක් ලබා ගත්හ. ජිශාන් අලා​ම් ලකුණු පන්දු 11කි​න් 36 ක් හා මොහොමඩ් සයිෆුඩීන් පන්දු 12කින් නොදැවී ලකුණු 23ද් ක් රැස් කළහ. අබූ හයිඩ​ර් පන්දු 6ක​දී ලකුණූ 18යි. පන්දු යැවීමේ දී තරිදු රත්නායක ලකුණු 33 කට කඩුලු 4 ක් දවා ගත්හ.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකාව පන්දුවාර 5.5 ක් අවසානයේ කඩුලු 3 ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළේය. හයේ පහර 4 ක් සමග ධනංජය ලක්ෂාන් පන්දු 6කි​න් ලකුණු 24 ක් රැස් කළේය. සදුන් වීරක්කොඩි ලකුණු 50 ක් ලබා සිටියදී පිටියෙන් ඉවත් වුණේ පන්දු 16 කින්. හයේ පහර 3 ක් හා හතරේ පහර 7 ක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. ලහිරු සමරකෝන් ලකුණු 6කට දැවී ගිය අතර, නායක ලහිරු මදුෂංක ලබා ගත්තේ පන්දු 6ක​දී ලකුණු 3ක් ලබා ගත්තේය.

Related posts

වී හිඟයෙන්, මෝල් සියයට 70%ක් වැහිලා. මෙහෙම ගියොත් ඉතුරු ටිකත් වැහේවි – ශ්‍රී ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමය

Editor O

පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න මහත්මියට තනතුරක්

Editor O

ඊයේ දිනය තුළ කුඩා දරුවෙකු ඇතුළුව ආසාදිතයන් 10 ක් හඳුනාගැනේ

Mohamed Dilsad

Leave a Comment