Trending Newsඑසැන පුවත්දේශීය

මෝටර් රථයක් අඩි 60ක් ගැඹුරු ගල් වළකට පෙරළී සිව්දරු පියා ජීවිතක්ෂයට

ගල් වළකට මෝටර් රථයක් පෙරලී අද (31) උදෑසන සිදුවූ අනතුරකින් සිව් දරු පියකු එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇතැයි ආණමඩුව පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, ආණමඩුව තෝනිගල ඔරුගල ප්‍රදේශයේ පදිංචි රාජපක්ෂ මුදියන්සේලාගේ චමින්ද උපුල් කුමාර නැමති 46 හැවිරිදි සිව් දරු පියෙකි.

මෝටර් රථයෙන් ගල් වළකට ගමන් කරමින් සිටියදී මෝටර් රථය ලිස්සා ගොස් අඩි හැටක් පමණ ගැඹුරැති ගල් වළෙන් පහළට ඇදවැටී තිබේ. එහිදී මෝටර් රථයටද දරුණු හානි වී රථයේ රියදුරු මෝටර් රථය තුළම මරණයට පත්ව ඇති බව පරික්ෂණ පවත්වන පොලීසිය පැවසීය. මරණයට පත්වු සිව්දරු පියා මේ වන විට ගොවිතැන් කටයුතු වල නිරත වෙමින් සිටින වගාකරුවෙකු බවත් කලින් කළුගල් වළවල් පවත්වාගෙන යමින් කළුගල් කැඩිමේ නිරත වු අයකු බවද පැවසෙයි.

Related posts

“CALLING BELL”அடித்து உரிமையாளரை அழைத்த முதலை

Mohamed Dilsad

இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

இங்கிலாந்து அணியுடனான போட்டிக்கு இந்தியா 18 வயது இளைஞனை உட்சேர்த்தது-(VIDEO)

Mohamed Dilsad

Leave a Comment