Trending Newsඑසැන පුවත්දේශීය

ඉන්දන මිල අද (31) රෑ සංශෝධනය කරාවිද ?

මාසික මිල සූත්‍රයට අනුව සිදුවන ඉන්දන මිල ගණන් සංශෝධනය අද (31) මධ්‍යම රාත්‍රියේ සිදු වීමට නියමිතව තිබේ.

ගතවූ සති කිහිපයේ සිට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල ගණන් ද දිගින් දිගටම පහළ යමින් පැවතියත් මෙරට ඉන්දන මිල සංශෝධනයක් සිදු වන බව මෙතෙක් දැනුම් දී නැහැ. පසුගිය මාසයට සාපේක්ෂව බොරතෙල් මිලෙහි තවමත් පහළ අගයක් පවතින අතර, ලබන මාසයේ සිට සෞදි ආරාබිය, චීනය වෙත සිදු කරන බොරතෙල් සැපයුම ඉහළ දැමීමට තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

කෙසේවෙතත් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල දැනට පහළ අගයක් පැවතීම තුළ ලංකාවේ ද ඉන්දත මිල පාරිභෝගිකයින්ට දැනෙන ගණනකින් අඩු කළ හැකි බවද සඳහන්. එවන් තත්ත්වයක් තුළ අද මධ්‍යම රාත්‍රියේ සිදු කිරීමට නියමිත ඉන්දන මිල සංශෝධනයේදී තෙල් මිල අඩුකිරීමේ වැඩි සම්භාවිතාවත් තිබෙන බවද ආර්ථික විශ්ලේෂකයන්ගේ අදහසයි.

Related posts

புதிய அரசியலமைப்பு சட்டம் தொடர்பான வரைவு அடுத்த வாரம்…

Mohamed Dilsad

මැන්ඩි සමග සැකකරුවෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ප්‍රදේශ කිහිපයකට මි.මී 100 ඉක්මවූ වැසි

Mohamed Dilsad

Leave a Comment