Trending Newsඑසැන පුවත්දේශීය

රන්ජන් රාමනායකට එරෙහිව ගොනු කළ පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප්‍රභ කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වීමට, ගම්පහ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂයෙන් නාමයෝජනා බාරදී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප කරන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (30) නියම කළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ සඳහා ස්වාධීන කණ්ඩායම් අපේක්ෂකයෙකු වන කේ.එම්. මහින්ද සේනානායක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබිණ. වගඋත්තරකාර පාර්ශ්වයේ නීතිඥවරු ඉදිරිපත් කළ මූලික විරෝධතා පිළිගැනීමෙන් අනතුරුව ප්‍රීති පද්මන් සූරසේන, කුමුදුනී වික්‍රමසිංහ සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කෙරිණ.

එහි වගඋත්තරකරුවන් ලෙස මැතිවරණ කොමිසම හා එහි සාමාජිකයින්, රන්ජන් රාමනායක, ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරියා ඇතුළු පිරිසක් නම් කර තිබිණ.

Related posts

அமைச்சர் ரிஷாட் பதியுதீனிடம் இலங்கை சீனி நிறுவனத்தை மீண்டும் கையளிக்க வேண்டுமென தொழிற்சங்கங்கள் ஜனாதிபதியிடம் மகஜர் கையளிப்பு!

Mohamed Dilsad

සීඅයිඩී එකට වැඩ වැඩිවෙලා, 159 දෙනෙකුගේ ආචාර්යය මහාචාර්යය පට්ටම් හොයන්න වෙලා – පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ

Editor O

கலு அஜித் கொலை சம்பவம் – சந்தேக நபர் கைது

Mohamed Dilsad

Leave a Comment