Trending Newsඑසැන පුවත්දේශීය

හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දුට ඇප

රක්‍ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අද (30) කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ලක්‍ෂ 50 බැගින් වූ ශරීර ඇප පහක් මත මුදා හැර තිබේ. මෙරටදී එකලස් කළ, ලියාපදිංචි නොකළ සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කළේ යැයි එල්ල වු චෝදනා මත අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගෙන තිබිණ.

අදාළ මෝටර් රථය එංගලන්තයෙන් සොරකම් කිරීමේ සිදුවීමට අදාළ කිසිදු සම්බන්දයක් හිටපු ඇමතිවරයාගේ නැති බව ට විමර්ශනවලදී හෙළිවී ඇතැයි පොලීසිය අධිකරණයට සඳහන් කළේය. කොළඹ තරු හෝටලයක රථ ගාලේ තිබි සොයාගත් බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් හමුවීමට අදාළව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා සැකපිට අත්අඩංගුවට ගෙන තිබිණ.

Related posts

இன்றைய போட்டியில் இருந்து ஓய்வு பெற்ற திமுத் காருணாரத்ன

Mohamed Dilsad

பராக்கிரம சமுத்திரத்தின் 10 வான் கதவுகளும் திறப்பு

Mohamed Dilsad

Trump isolated on first day of G7 summit

Mohamed Dilsad

Leave a Comment