Trending Newsඑසැන පුවත්දේශීය

අධාරකරුවන්ට සංග්‍රහ පවත්වන්න මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් සපයන හෝටල් හිමිකරුවන් වෙත අවවාදාත්මක ලිපි.

ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ පැවැත්වීම සඳහා මහ මැතිවරණ අපේක්ෂකයන්ට පහසුකම් දෙන හෝටල් හිමිකරුවන්ට අවවාදාත්මක ලිපි යැවීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත මැතිවරණ අපේක්ෂකයන්ගේ සංග්‍රහ ගණනාවක් පසුගිය දිනවල පවත්වා තිබේ.

ඒ අනුව එම අවවාදාත්මක ලිපි එකී හෝටල්වලට යවා ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. සිය ආධාරකරුවන්ට සහ හිතවතුන්ට සංග්‍රහ ලබාදීමට මැතිවරණ අපේක්ෂකයන්ට සහාය දීමෙන්  වළකින්නැයිද එම ලිපි මගින් හෝටල් හිමියන්ගෙන් ඉල්ලීම් කර ඇතැයි සඳහන් වේ.

තවද හෝටල්වල මෙවැනි සංග්‍රහ පැවැත්වීම නැවැත්වීමට මැතිවරණ කොමිෂන් සභාව ඊයේ (28) පොලිසියට උපදෙස් මාලාවක් ලබා දුන්නේය. මේ අතර මැතිවරණ අපේක්ෂකයන් විවිධ හෝටල්වල සංග්‍රහ පවත්වන බවට සදහන් අසත්‍ය පැමිණිලිද විශාල වශයෙන් ලැබෙමින් පවතින බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Related posts

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

Ranatunga says Sri Lanka heading for World Cup disaster

Mohamed Dilsad

Malaysia, Sri Lanka to enhance cooperation in many fields

Mohamed Dilsad

Leave a Comment