Trending Newsඑසැන පුවත්දේශීය

වට්ස්ඇප් භාවිතා කරන අයට විශේෂ දැනුවත් කිරීමක්

වට්ස්ඇප් ඇතුළු සමාජ මාධ්‍ය ජාල උපයෝගී කරගනිමින් සංසරණය වන දැන්වීම් මගින් පුද්ගල දත්ත මුල්‍යමය තොරතුරු ලබාගිනිමින් සිදුකෙරෙන සයිබර් වංචා කිරීම් මේ දිනවල බහුලව දක්නට ලැබෙන බවට ශ්‍රී ලංකා සර්ට් ආයතනය සඳහන් කරයි.

ඒ අනුව විවිධ බැංකු ,වාණිජ ආයතන ,අන්තර් ජාතික ආයතන නාමයන් භාවිතා කරමින් පරිත්‍යාග ,මුදල් තෑගි ,දිනුම් වාසනා , අධිකලාබදායි භාණ්ඩ ඔන්ලයින් ක්‍රමයට ලබාදීම , රැකිරක්ෂා ලබාදීමට ,ලියාපදින්චිවන ලෙස දන්වමින් එවනු ලබන ව්‍යාජ පණිවුඩ සහ වට්ස්ඇප් පණිවුඩ මගින් රහස්‍ය අංක තොරතුරු ඉල්ලා එවන පණිවුඩ වළින් ප්‍රවේසම් වන ලෙස ශ්‍රීලංකා සර්ට් ආයතනය මහජනතාවගෙන් ඉල්ලාසිටියි.

අනුකාරක (ව්‍යාජ) වෙබ් අඩවි ,සමාජ මාධ්‍ය වේදිකාවන්, කෙටි පණිවිඩ සහ වට්ස්ඇප් හරහා එවනු ලබන පණිවුඩ මගින් මෙම සයිබර් ජාවාරම් කරුවන් ඔබ හා සම්බන්ධ වීමට උත්සහ දරනු ඇත.

ඔවුන් විසින් ලබාදෙන ලින්ක් වෙත පිවිසීමෙන් ඊට සම්බන්ධවන පුද්ගලයන්ගේ පරිගණක ,ජංගම දුරකථන වල ඇති දත්ත සො රා ගැනීමෙන් විවිධ අපචාර සදහා මෙන්ම මුදල් වංචා ද සිදුකරනු ලබයි. විශේෂයෙන්ම වට්ස්ඇප් පණිවුඩ මගින් එවනු ලබන රහස්‍ය අංක තොරතුරු ඉලා සිටීම මගින් ඔබගේ වට්ස්ඇප් ගිණුම අපරාධ කරුවන්ගේ ග්‍රහනයට ගනු ලබයි. එමගින් ඔබගේ වට්ස්ඇප් ගිණුම භාවිතා කරමින් විවිධ ආධාර ඉල්ලීම් වැනි කටයුතු කරයි. මෙවැනි අපරාධ මෑත කාලයේ වැඩිවෙමින් පවතින අතර එම අපරාධවලට ගොදුරුවන්නන්ගේ ප්‍රමාණයද වැඩිවෙමින් පවතින බව ශ්‍රී ලංකා සර්ට් ආයතනය පවසයි.

Related posts

IMF team to resume EFF talks in February

Mohamed Dilsad

Filipino authorities arrest Sri Lankan man on sex abuse charges

Mohamed Dilsad

முல்லைத்தீவு மாவட்டத்தில் ஆலங்கட்டி மழை…

Mohamed Dilsad

Leave a Comment