Trending Newsඑසැන පුවත්දේශීය

සිංහරාජය මැදින් පාරක් කැපීමට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සම ජනවාරි 23 කැඳවීමට නියෝග

ලෝක උරුමයක් වශයෙන් නම් කර තිබෙන සිංහරාජ වනාන්තරය හරහා වැටී තිබෙන මාර්ගයක් පුළුල් කිරීමට, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ගෙන තිබූ තීරණයට එරෙහිව, පරිසර යුක්ති කේන්ද්‍රය විසින් ගොනු කර තිබූ පෙත්සමක් ජනවාරි මස 23 වනදා කැඳවන ලෙස අභියාචනාධිකරණය අද (28) නියම කළේය.

එකී, පෙත්සම අද මොහොමඩ් ලෆාර් සහ පී. කුමාරන් රත්නම් යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය. එම අවස්ථාවේදී වගඋත්තරකාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටිම සඳහා රජයේ නීතිඥවරයෙකු පත්කර නොමැති බව සඳහන් වුණි. මේ සම්බන්ධයෙන් දැඩි දෝෂාරෝපණ එල්ල කළ විනිසුරු මඩුල්ල මේ ආකාරයෙන් නඩු කල්යාම නුසුදුසු බව සඳහන් කර සිටියේය.  එබැවින් මෙම නඩුව සඳහා කඩිනමින් රජයේ නීතිඥවරයෙකු පත්කරන ලෙස දැනුම් දුන්නේය.

අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වන සංරක්ෂණ අධ්‍යක්ෂවරයා, මධ්‍යම පරිසර අධිකාරිය, වනජීවි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කර තිබේ.

Related posts

තමාට නිල ආරාධනාවක් ලැබුන හොත් එක්සත් ජාතික පක්ෂ රැළියට යාමට තමන් සුදානම් බව හිටපු එ.ජා.ප මහලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි

Mohamed Dilsad

விமானம் – ஹெலிகாப்டர் மோதி விபத்து – 7 பேர் பலி

Mohamed Dilsad

“Meth saviya” and Maithri Bhushana Awards under President’s patronage

Mohamed Dilsad

Leave a Comment