Trending Newsඑසැන පුවත්දේශීය

මැද පෙරදිග ගැටුම් තත්ත්වය ගැන ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ උද්ගත වී ඇති ගැටුම්කාරී තත්ත්වය හමුවේ එහි රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මැදපෙරදිග කලාපයේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් පිළිබඳ සොයා බැලීමට තානාපති කාර්යාල නිලධාරීන් කටයුතු කර තිබේ.

කෙසේ වෙතත් ප්‍රහාර හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට හානියක් සිදුව ඇති බවට මේ වන තෙක් තොරතුරු අනාවරණය වී නොමැති බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසීය. එමෙන්ම ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින්ට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා කටයුතු කරන ලෙස ද තානාපති කාර්යාල දැනුවත් කර ඇති බව ද සඳහන්. කෙසේ වෙතත් මේ දක්වාත් කිසිදු ශ්‍රී ලාංකිකයෙකු යුධ ගැටුම් හේතුවෙන් මෙරටට පැමිණිය යුතු බවට ඉල්ලීමක් කර නොමැති බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.

Related posts

சென்னையை வீழத்திய ஐதரபாத்…

Mohamed Dilsad

කෙසෙල්වත්තේ දෙනුවන්ගේ ගෝලයෙක් කුඩු සමග අත්අඩංගුවට

Editor O

මැලේරියාව යළි ව්‍යාප්තවීමේ අවධානමක්…¡

Editor O

Leave a Comment