Trending Newsඑසැන පුවත්දේශීය

සහල් සඳහා පනවා ඇති පාලන මිල ඉහළ දමුවොත් සහල් දෙන්නම් – සහල් නිෂ්පාදකයින්ගේ සංගමය

රට තුළ ඉදිරි කාල සීමාවේදී සහල් හිඟයක් ඇති නොවීමට නම් ගොවීන් සතු වී තොග වෙළඳපොළට පැමිණිය යුතුව ඇතැයි එක්සත් සහල් නිෂ්පාදකයන්ගේ සංගමය සඳහන් කරයි.

ඒ අනුව වී කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවන මුදල නාඩු කිලෝවකට රුපියල් 130ක් හා සම්බා වී කිලෝවක 135ක් ලෙස ඉහළ දැමිය යුතු බවද සංගමයේ සභාපති මුදිත් පෙරේරා මහතා පැවසීය. වී වලට අදාළව සහතික මිල ඉහළ දැමීමට සාපේක්ෂව සහල් වලට පනවා තිබෙන පාලන මිලත් ඉහළ දැමිය යුතු බව හෙතෙම කියා සිටියි.

දැනට සහල් මෝල් හිමියන් සතුව පවතින්නේ රුපියල් 120කට හෝ ඊට වැඩි මිලට ලබාගත් වී තොග නිසා මෙම තොග සහල් බවට පත්කර පවතින පාලන මිලට අලෙවි කළොත් මෝල් හිමියන්ටද පාඩු සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි‍ මෙම මිල වෙනස් කිරීමට අදාළ ඉල්ලීම ජනාධිපති අනුර දිසානායක මහතාට දැන්වූ බවත් හෙතෙම තවදුරටත් සඳහන් කළේය.

Related posts

ජනපති ටෙලිකොම් ආයතනයේ මුල්පුටු වෙනස් කරයි

Mohamed Dilsad

Indonesia tsunami: Images of debris and survival

Mohamed Dilsad

සමගි ජන බලවේගයේ තරුණ ප්‍රඥප්තිය එළිදැක්වේ.

Editor O

Leave a Comment