Trending Newsඑසැන පුවත්දේශීය

මේ වතාවේ බැරි වුණාත්, ඊළඟ වතාවේ ආණ්ඩුවක් හදනවා – රංජන් රාමනායක

එක්සත් ප්‍රජාතන්ත්‍රවාදී හඬ පක්ෂ සැලුන් දොරවල් නොමැති බවත්, පෙනේරයක් තිබෙන බවත්, එහි නායක, රංජන් රාමනායක මහතා ප්‍රකාශ කරයි.

මාතලේ ප්‍රදේශයේ අද (23) පැවති ජන හමුවක් අමතමින් මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේය. සිය පක්ෂයට මෙවර විපක්ෂයක් පමණක් නිර්මාණය කළ හැකි බවද හෙතෙම කීවේය.

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තම පක්ෂයෙන් ඉදිරිපත්වීමට සැලසුම් කළ දූෂණයට, වංචාවට ගෑවුණු සියළුදෙනා අපේක්ෂකත්වයෙන් ඉවත් කිරීමට සිදුවූ බවයි රංජන් රාමනායක මහතා සඳහන් කළේය. ඒ අනුව තම පක්ෂය දිස්ත්‍රික් නවයකට පමණක් නාම යෝජනා බාරදුන් බවත්, මෙවර ආණ්ඩුවක් සෑදීමට බලාපොරොත්තු නොවුනද, විකල්ප පාලන ක්‍රමයක් සමග තම පක්ෂය ඊළග ආණ්ඩුව සෑදීමට සූදානම් බවත් ඔහු එහිදී වැඩිදුරටත් කියා සිටියා.

Related posts

Macron aide Benalla in French probe for beating protester

Mohamed Dilsad

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

Mohamed Dilsad

எத்தியோபியன் பயணிகள் விமான விபத்து

Mohamed Dilsad

Leave a Comment