දේශීය

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට අද දිනයේ පැය 14ක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

 

කොළඹ 01,02,03,04 සහ කොළඹ 07 සිට 15 දක්වා යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිත බව එම මණ්ඩලය සදහන් කර ඇත.

 

ඒ අනුව අද පෙරවරු 08.00 සිට රාත්‍රී 10 දක්වා මෙම ජල කප්පාදුව සිදුකරන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

 

මේ අතර, සපුගස්කන්ද විදුලි බලාගාරයේ හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් හෙට (16) දිනයේ පැය අට හමාරක කාලයක් බියගම ජලපවිත්‍රාගාරයට ජලය සැපයීම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

 

එදින උදෑසන 08.30 සිට පස්වරු 05.00 දක්වා ජලසැපයුම අත්හිටුවන බව සඳහන් වන අතර, ඒ අනුව පෑලියගොඩ, වත්තල, ජා-ඇල කටුනායක, සීදුව නගර සභා බල ප්‍රදේශයට ජල සැපයුම් අත්හිටවනු ඇත.

 

එමෙන්ම කැලණිය, වත්තල, බියගම, මහර, දොම්පේ, කටාන, මිනුවන්ගොඩ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ සහ ගම්පහ ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොටසකට ද ජල සැපයුම් අත්හිටවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කරයි.

 

Related posts

අතේ කොටසක් සජිත්ට ගැලවෙයි.

Editor O

මහ බැංකුව ඩොලර් බිලියනයක් වටින ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කරයක් පියවයි

Mohamed Dilsad

 ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම් පැවරෙන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

Mohamed Dilsad

Leave a Comment