දේශීය

 ජනපතිගේ අමාත්‍යාංශවල වගකීම් පැවරෙන රාජ්‍ය අමාත්‍යවරුන් මෙන්න

(UTV | කොළඹ) – ජනාධිපතිවරයා දිවයිනෙන් බැහැර කාලසීමාව තුළදී ඔහු යටතේ පවතින අමාත්‍යාංශවල රාජ්‍ය අමාත්‍යවරුන්ට වැඩබලන අමාත්‍ය ධූරයන්හි වගකීම් පවරා තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින බැවින් එම තීරණය ගත් බව ජනාධිපති මාධ්‍ය ඒකකය නිවේදනය කරයි.

ඒ අනුව වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වැඩබලන මුදල් ආර්ථික, ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ, වැඩබලන ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙස ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, වැඩබලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත්, වැඩබලන කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යවරයා ලෙස සමාජ සවිබලගැන්වීම් රාජ්‍ය අමාත්‍ය අනුප පස්කුවල් පත් කර තිබේ.

Related posts

ත්‍රස්තවාදයට චෝදනා ලැබු දෙදෙනෙකුගේ නම් අසාදු ලේඛනයෙන් ඉවතට

Mohamed Dilsad

නාපානේ පේමසිරි මහා හිමියන්ගේ ආදාහන පූජෝත්සවය නිමිත්තෙන් හෙට රථවාහන සැලැස්මක් [RELEASE]

Mohamed Dilsad

අදත් පැයයි විනාඩි 20ක කාලයක් විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment