දේශීය

මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් අනාවරණයක්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා බලධාරීන් වැරදි බොරතෙල් වර්ගයක් ආනයනය කර ඇති බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව (PUCSL) අනාවරණය කර තිබෙනවා.

එහි අඩංගු වන්නේ වැරදි නැප්තා දියර වර්ගයක් බව PUCSL සභාපති ජනක රත්නායක මහතා පවසනවා.

අලුතින් ආනයනය කරන ලද බොරතෙල් තොගයේ ඇති නැෆ්තා හි බලාගාරවල විදුලිය නිෂ්පාදනය සඳහා භාවිතා කළ නොහැකි ඉහළ සල්ෆර් ප්‍රමාණයක් අඩංගු වන බව ඔහු හේතු පැහැදිලි කරමින් පවසා තිබෙනවා.

මෙම නව බොරතෙල් තොගය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ආනයනය කළ එකක් බවත් එයින් ප්‍රයෝජනයක් නොමැති බැවින් දැන් කළ හැක්කේ එය පානය කිරීම පමණක් බව ජනක රත්නායක මහතා පවසනවා.

Related posts

බරපතළ අවදානමකට අත වනන උභතෝකෝටික ප්‍රශ්නය

Mohamed Dilsad

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපේ සහාය ගන්න වෙනවා – පලනි දිගම්බරම්

Editor O

වැඩිහිටි – වකුගඩු – ආබාධිත දීමනා යටතේ මිලියන 3057 ක් ගෙවා අවසන් කරයි

Mohamed Dilsad

Leave a Comment