Trending Newsඑසැන පුවත්දේශීය

නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න අපේ සහාය ගන්න වෙනවා – පලනි දිගම්බරම්

නුවරඑළිය දිස්ත්‍රික්කයේ මහනගර සභා 01, නගර සභා 02ක් සහ ප්‍රාදේශීය සභා 09 ක බලය පිහිටු වීමට නම් තම සහයෝගය තීරණාත්මක බව දමිළ ප්‍රගතිශීලි සංධානයේ නියෝජ්‍ය නායක පා.ම. පලනි දිගම්බරම් මහතා පැවසිය.

මාධ්‍යට (07) දින විශේෂ ප්‍රකාශයක් කරමින් පලනි දිගම්බරම් මහතා නියා සිටියේ (06) දින පැවති පළාත් පාලන මැතිවරණය අනුව තමන් නියෝජනය කල සමගි ජන බලවේගයට සමානුපාතික ඡන්ද ක්‍රමය අනුව බෝනස් මගින් සභිකයින් රැසක් හිමි වී ඇති බවයි.

ඒ අනුව තමන් නියෝජනය කරන සමගි ජන බලවේගයේ සහයෝගය නොමැතිව කිසිදු පක්ෂයකට තනිවම නුවරඑළිය දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 12කම බලය පිහිටු වීමට නොහැකි බවයි පලනි දිගම්බරම් මහතා කියා සිටියේ.

Related posts

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ දී යම් විශේෂ වරප්‍රසාද ලැබෙනවා …! – සංජීව එදිරිමාන්න

Editor O

තැපැල් ඡන්දය සලකුණු කිරීම ඇරඹේ

Editor O

Travel ban issued on Directors over ETI probe

Mohamed Dilsad

Leave a Comment