Trending Newsඑසැන පුවත්දේශීය

පක්ෂවලට මුක්කු ගහන්න සූදානමක් නැහැ – සර්වජන බලයේ නායක දිලිත් ජයවීර

ඉදිරියේ දී කිසිදු දේශපාලන පක්ෂයක් සමඟ එකතු වී වැඩකටයුතු කිරීමට කිසිදු අපේක්ෂාවක් නොමැති බව සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.  පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් අනතුරුව අද (07) පස්වරුවේ පැවති මාධ්‍ය හමුවක දී සිය පක්ෂයට හිමි වූ ප්‍රතිඵළය සම්බන්ධයෙන් අදහස් දක්විමන් ඒ මහතා මේ බව පැවසීය.

සර්වජන බලය අනෙකුත් පක්ෂ සමඟ එකතුවී ඉදිරියේදී කටයුතු කිරීමට සූදානම්ද යනුවෙන් මාධ්‍යවේදියෙකු එහිදි වැඩිදුරටත් සිදුකළ ප්‍රශ්නයකට පිළිතුරු දුන් සර්වජන බලයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා,

“සර්වජන බලය එවැනි තීරණයක් ගැනීමට කිසිදු සූදානමක් නෑ. අපි විශ්වාස කරනවා ලංකාවේ දැනට පවතින අනෙකුත් දේශපාලන ව්‍යාපාර සහ සංවිධාන, රටට අවශ්‍ය උන්නතියට අවශ්‍ය දර්ශනයක් තියෙන පක්ෂ නෙමෙයි. අපි ඔවුන්ව පවා උනන්දු කරවන්නේ මේ රට ඉදිරියට ගෙන යාමට පුළුවන් වුණ මෙන්න මේ වැඩපිළිවෙලට එකතු වෙන්න කියලා. මේ රටේ ව්‍යාජ දේශපාලනය, දූෂිත දේශපාලනය, පවුල් දේශපාලනය මේ සියල්ලෙන් ඔබ්බට ගියපු විශාල වැඩ පිළිවෙලකටයි අපි ඔවුන්ට ආරාධනා කර සිටින්නේ. ඉතින් එසේ නොමැති වෙන පටු දේශපාලන සාම්ප්‍රදායික වැඩකදී අපිට ගිහිල්ලා සභාවක් පිහිටුවන්න කොටස්කරුවෙක් වෙමින් සභාපති කෙනෙක් උප සභාපති කෙනෙක් වෙන්න කිසිම බලාපොරොත්තුවක් නෑ. අපි බලන්නේ රටේ උන්නතියට ප්‍රදේශයේ නගරයේ උන්නතියට අපිට කොහොමද දායක වෙන්න පුළුවන් අපිට මේ ලැබී ඇති තීරක බලය පාවිච්චි කරලා කියන එක. අපි මේ ඡන්දෙට අවේ ප්‍රාදේශීය සභා දිනීමෙන් ඔබ්බට ගියපු විශාල වැඩකට…..”

“අපි නිෂ්චිත වැඩ පිළිවෙලක් ඉදිරිපත් කරලා තියෙනවා සර්ව ජන සභා පිහිටුවන්න. එකට අපිට කාගෙවත් සහායක් අවශ්‍ය වන්නේ නෑ…” “අපි වෙනත් කිසිදු සම්ප්‍රදායික දේශපාලන පක්ෂයන් ඔය දැන් දේශපාලන පක්ෂ වගේ ඔබේ භාෂාවෙන් කිව්වොත් මුක්කු ගහන්න බලාපොරොත්තු වෙන්නේ නෑ…. “

Related posts

ගිනිඅවි උණ්ඩ 50ක් රැගෙන ගුවන්තොටුපොළට ආ අමුත්තා

Mohamed Dilsad

Mel Gunasekera murder convict gets capital punishment

Mohamed Dilsad

හම්බන්තොට දී ඇමතිට හූ කියයි.

Editor O

Leave a Comment