Trending Newsඑසැන පුවත්දේශීය

රජයට අයත් සුඛෝපභෝගී වාහන තැන තැන දමා ගොස් ඇති බවට ලැබුණු පැමිණිලිවලින්, සියයට 90%ක් ම බොරු.

විවිධ ස්ථානයන්හි සුඛෝපභෝගී වාහන අතහැර දමා ගොස් ඇතැයි මෙතෙක් ලද පැමිණිලි දහයෙන් නවයක්ම ව්‍යාජ ඇමතුම් බව විමර්ශනවලදී හෙළිවී තිබේ. ඒවා රජයට අයත් සුඛෝපභෝගී වාහන ලෙස අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ඇමතුම මගින් පසුගිය 09 වැනිදා සිට ගත වූ කාලයේදී දන්වා තිබින.

අදාළ ස්ථානවලට ගොස් සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ ඇතැම් ස්ථානවල එබඳු වාහන නොමැති බවත් තවත් ස්ථානවල තිබූ වාහනවලට සැබෑ හිමිකරුවන් සිටින බවද අනාවරණය වී තිබේ. මේ හරහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද නොමග යවන තත්ත්වයකට පත් කිරීම සම්බන්ධයෙන්ද පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇතැයි ද සඳහන්.

වත්මන් ආණ්ඩුවට සම්බන්ද පාර්ශ්වයන් විසින් මෙකී අසත්‍ය තොරතුරු ලබාදෙමින් සුඛෝපබෝගී වාහන පිළිබඳ සමාජ කැළඹීමක් ඇති කිරීමට උත්සාහ කරමින් සිටින්නේදැයි සැකයක් මතුවී තිබෙන බවද විපක්ෂ දේශපාලන කණ්ඩායම් සඳහන් කරති.

Related posts

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

Mohamed Dilsad

ඉන්දුනීසියානු මුහුදු ප්‍රදේශයට ධීවර යාත්‍රා 30 ක් ගසාගෙන යයි

Mohamed Dilsad

sea wave electricity soon in Sri Lanka

Mohamed Dilsad

Leave a Comment