දේශීය

මැතිවරණයට එරෙහි පෙත්සම් විභාග කිරීමට පංච පුද්ගල විනිසුරු මඩුල්ලක්

(UTV | කොළඹ)- ජුනි 20 වැනිදා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කිරීම සඳහා ශ්‍රේෂඨාධිකරණය විසින් පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් පත්කර තිබේ.

ඒ අගවිනිසුරු ජයන්ත ජයසූරියගේ සභාපතීත්වයෙන් යුතුවයි.

තවද බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන මහත්වරුන් එම විනිසුරු මඩුල්ලට අයත් වේ.

පෙත්සම් විභාගය ලබන 18 වැනිදා ආරම්භ කිරිමට නියමිතයි.

Related posts

මහින්ද ක්‍රිකට් ගහයි

Mohamed Dilsad

බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්, බන්ධනාගාර ගත කරයි

Editor O

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර සිදුකිරීම වසර 5ක සිර දඬුවම් ලැබිය හැකි වරදක්

Mohamed Dilsad

Leave a Comment