Trending Newsඑසැන පුවත්දේශීය

ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් තරඟයේ දී ක්‍රීඩාංගණයට පැමිණි පුද්ගලයෙක් අත්අඩංගුවට

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පල්ලෙකැළේ ක්‍රීඩාංගනයේ දී ඊයේ (20) පැවති තරඟය අතරතුර ක්‍රීඩා පිටියට කඩාවැදුණ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පල්ලේකැලේ පොලීසිය කියයි.

එම තරගයට වැස්සෙන් බාධා වීමෙන් අනතුරුව ශ්‍රී ලංකා පිතිකරුවන් පන්දුවට පහර දීම සඳහා ක්‍රීඩා පිටියට පැමිණි අවස්ථාවේදී අදාළ තරුණයා එක්වරම ක්‍රීඩාපිටියට පැන පිතිකරුවන් දෙදෙනා අසලට පැමිණි අවස්ථාවේදී පොලිස් නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගෙන තිබේ.

එම අවස්ථාවේදී අදාල තරුණයා අධික ලෙස බීමතින් සිටි බව පොලීසිය පැවසීය. පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු පවසා ඇත්තේ, ශ්‍රී ලංකා පිතිකරුවන්ට වැඳ නමස්කාර කිරීම සඳහා ඔහු ක්‍රීඩාපිටියට ඇතුළු වූ බවයි. එසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කටුගස්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන 22 හැවිරිදි තරුණයෙකි.

Related posts

Grade 5 Scholarship Exam not compulsory; Relevant Circular issued

Mohamed Dilsad

වෘත්තීයවේදීන් සමග විශේෂ සාකච්ඡාවක්

Mohamed Dilsad

நுவரேலியாவில் பயிற்சி பெற்ற மௌலவிமார்கள் இருவர் TID இனால் கைது

Mohamed Dilsad

Leave a Comment