Trending Newsඑසැන පුවත්දේශීය

මැතිවරණ කොමිෂන් සභාවෙන් ජනාධිපති ලේකම්ට තරවටුවක්

පළාත් ආණ්ඩුකාර අධීක්ෂණය යටතේ සංවර්ධන ව්‍යාපෘති ඉදිරියට ගෙනයෑමට ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කර ඇති උපදෙස් වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙස මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ලේකම්වරයා වෙත නියෝග කර තිබේ. දේශපාලන පත්වීම් ලැබූවන් වන ආණ්ඩුකාරවරුන් හරහා එවන් කටයුතු කිරීම මැතිවරණ නීති උල්ලංඝණය කිරීමක් බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසු දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවල කටයුතු පළාත් ආණ්ඩුකාරවරුන්ගේ සම්බන්ධීකරණය යටතේ කරගෙන යාමට කටයුතු කරන්නැයි දිස්ත්‍රික් ලේකම්වරුන්ට උපදෙස් දෙන ලෙස ජනාධිපති ලේකම්වරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබිණ,

සංවර්ධන ව්‍යාපෘති රැසක් මෙහෙයවීම අධීක්ෂණය සහ සමාලෝචනය කිරීම දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු වෙත පැවරී ඇති නමුත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු අක්‍රිය වීම හේතුවෙන් ඒවා ඇණහිට තිබිණ.

Related posts

ඊයේ දින සිට මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තා වී නැහැ

Mohamed Dilsad

பாராளுமன்ற உறுப்பினர் விஜித ஹேரத்தின் குற்றச்சாட்டு முற்றிலும் பொய்யானது

Mohamed Dilsad

உயிர்த்த ஞாயிறன்று உயிரிழந்தவர்களுக்காக விஷேட ஆராதனைகள்

Mohamed Dilsad

Leave a Comment