Trending Newsඑසැන පුවත්දේශීය

නාම යෝජනාව ප්‍රතික්ෂේප වූ අශේන් සේනාරත්න, මැතිවරණ කොමිෂමට එරෙහිව උසාවි යයි

ජනප්‍රිය යූ ටියුබ් නිර්මාණකරුවෙකු වන අශේන් සේනාරත්න මහතා විසින් ඉදිරිපත් කළ නාමයෝජනාව ප්‍රතික්ෂේපත කිරීමට අදාළව කොළඹ දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරීවරයාට සහ මැතිවරණ කොමිසමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ඊයේ (16) ගොනුකර තිබේ.

පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වීමට අපේක්ෂාවෙන් සිටි අශේන් සේනාරත්න ස්වාධීන කණ්ඩායමක් ලෙස කොළඹ දිස්ත්‍රික්කයට ඉදිරිපත් කළ නාමයෝජනා පත්‍රය “බලයලත් නියෝජිතයෙකු විසින් ඉදිරිපත් කොට නොමැත යන තාක්ෂණික කරුණ මත ප්‍රතික්ෂේප කර ඇත.

තමන් ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍රය ප්‍රතික්ෂේප වීම සම්බන්ධව සිය සමාජ මාධ්‍ය ගිණුම් භාවිතා කරමින් සජිවී විඩියෝ පට කිහිපයක් හරහා ඔහු සිය විරෝධතාව ප්‍රකාශ කළ අතර ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා බවද ඔහු සඳහන් කර තිබුණි.

මේ අතර, හිටපු විදේශ සහ අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා එකී සිද්ධිය පිළිබදව ට්විටර් සටහනක් තබමින්, නාම යෝජනාව ප්‍රතික්කේෂප කිරීම ප්‍රශ්නගත බව සදහන් කර ඇත.

Related posts

අද වාර්තා වූ ආසදිතයා සම්බන්ධයෙන් සංශෝධනයක්

Mohamed Dilsad

Duminda Dissanayakearrives at PCoI probing corruptions of current government

Mohamed Dilsad

இன்று ஜனாதிபதி, பிரதமர் மற்றும் எதிர்க்கட்சித் தலைவர் இடையில் விசேட சந்திப்பு

Mohamed Dilsad

Leave a Comment