Trending Newsඑසැන පුවත්දේශීය

වාහන ආනයනය පිළිබඳව ගෙන ඇති තීරණ

ශ්‍රී ලංකාවේ දළ විදේශීය නිල සංචිතයට අවහිරතාවක් ඇති නොවන ආකාරයට රථ වාහන ආනයනය සඳහා වූ අවශ්‍ය නිර්දේශ ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් දැනටමත් මුදල් අමාත්‍යාංශයට ලබා දී තිබේ.

2025 වසරේ පෙබරවාරි මාසයේදී රථ වාහන ආනයනය සඳහා මුළුමනින්ම ඉඩ ලබාදීම කෙරෙහි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව අවධානය යොමු කර තිබිණි. එම තීරණයෙහි වෙනසක් ඉදිරියේදී සිදු කෙරෙන්නේදැයි ඉකුත්දා ශ්‍රී ලංකා මහ බැංකුවේ පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියකු මහ බැංකුව අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතාගෙන් විමසීමක් කළේය.

ඊට පිළිතුරු දුන් මහ බැංකු අධිපතිවරයා එහිදී සඳහන් කළේ, ශ්‍රී ලංකාවේ නිල විදේශීය සංචිතයට බලපෑමක් නොවන ආකාරයට වාහන ගෙන්වීමට අවශ්‍ය නිර්දේශ තමන් දැනටමත් මහා භාණ්ඩාගාරයට දී ඇති බවයි. නමුත් කුමනාකාරයෙන් වාහන ආනයනය කරන්නේදැයි තීරණය ගත යුත්තේ මුදල් අමාත්‍යාංශය බව ද මහ බැංකු අධිපතිවරයා කීවේය.

Related posts

Passenger shot dead inside a SLTB bus

Mohamed Dilsad

ජවිපෙ පක්ෂ අරමුදලට ගත් වැටුප ආපසු ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නඩු පවරයි…!

Editor O

பேருந்து விபத்தில் பலியான மாணவர்களின் எண்ணிக்கை அதிகரிப்பு

Mohamed Dilsad

Leave a Comment