Trending Newsඑසැන පුවත්දේශීය

සුරාබදු කොමසාරිස් ජනරාල් තනතුරෙන් ඉවත් කරයි.

සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතාගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කිරීමට රජය තීරණය කර තිබේ.

ජනාධිපති අනුර දිසානායක මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් ඉදිරිපත් කර තිබු එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය හිමිවූ බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත්  මහතා සඳහන් කරයි. ගුණසිරි මහතා සුරාබදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරමින් කරමින් සිටියේය.

එම තනතුරේ වැඩබැලීම සඳහා ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 2) වශයෙන් සේවය කරන යූ ඩී එන් ජයවීර මහතා පත් කිරීමටද කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.

Related posts

තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 10 කින් ඉහළට

Mohamed Dilsad

தேர்தல்கள் ஆணைக்குழுவினால் கோரிக்கை

Mohamed Dilsad

WhatsApp discovers ‘targeted’ surveillance attack

Mohamed Dilsad

Leave a Comment