Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පුළුල් සන්ධානයක් ගොඩනගනවා – හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්

පාර්ලිමේන්තු මැතිවරණ සඳහා, සමඟි ජන බලවේගයේ මූලිකත්වයෙන් පුළුල් ම සන්ධානයක් ගොඩනගන බවත්, පක්ෂයේ චින්තනය, නිර්ණායක පිළිගන්නා අය සමඟ තවදුරටත් සන්ධානගත වීමට සූදානම් බව සමඟි ජන බලවේගයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතා පැවසුවේය. සමගි ජන බලවේගය, කොළඹ දී අද (02) පැවත්වූ මාධ්‍ය හමුවකදී කබීර් හෂීම් මහතා එම අදහස් පළ කළේය.

අපේ චින්තනය සහ නිර්ණායක සමග එකඟ වෙන අයත් එක්ක අපි සන්ධාන ගතවෙන්න සූදානම්. පක්ෂවලට ආරාධනා කරල තියෙනවා. එක්සත් ජාතික පක්ෂයටත් ආරාධනා කළා. අපිට සම්බන්ධ කරන්න පුළුවන් වගේම බැරි කණ්ඩායම් ඉන්නවා. හැබැයි අපි හිතනවා දැනට එක්සත් ජාතික පක්ෂයේ අනන්‍යතාව නියෝජනය කරන්නේ සමගි ජන බලවේගයයි. ඒ නිසා බිම් මට්ටමේ සියලු දෙනාම අපි එක්ක සම්බන්ද වෙමින් සිටිනවා.

එක්සත් ජාතික පක්ෂය සමග අපි සාකච්ඡා කළා, ”රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත් විය යුතුයි, අලුත් කණ්ඩායම එක්ක සන්ධාන ගතවෙන්න යෝජනා කළේ. විශේෂයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම එක්ක දිගටම කටයුතු කරන බව ඔවුන් කියල තිබුණ නිසා යම් ප්‍රශ්නගත තත්තත්වයක් ඇතිවෙලා. ඔක්කොම එකතු කරන්න ලෑස්ති නෑ. අපි තමයි බලවත්ම සන්ධානය. අපේ යම් නිර්ණායක තියෙනවා සමහර අයත් එක්ක සන්ධානගත වෙන්න අපිට බෑ. ඒ නිසා සාකච්ජා නැවතුණා.” යනුවෙන් ඔහු කියාසිටියේය.

Related posts

දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ඉරානයේ ගැටුම් උග්‍රවෙයි | අන්තර්ජාලා සේවා විසන්ධි කරයි.

Editor O

Case against MP Udaya Gammanpila postponed

Mohamed Dilsad

Leave a Comment